Trending Newsඑසැන පුවත්දේශීය

රටේ ලොකුම ප්‍රශ්නයට විසඳුමක්..! රාජ්‍ය පරිපාලන ඇමතිගේ නමට ඉදිරියෙන් ‘මහාචාර්ය’ ලෙස යොදන්නැයි සියළු ආයතනවලට චක‍්‍රලේඛයක්

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ඒ. එච්. එම්. එච්. අබයරත්න මහතා වෙත කැළණිය විශ්ව විද්‍යාලය මඟින් “සම්මානිත මහාචාර්ය” යන පදවි නාමය පිරිනමා ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනය කරයි.

මෙම පදවි නාමය 2025 ඔක්තෝම්බර් මස 14 වන දින සිට ක්‍රියාත්මක බව කැළණිය විශ්වවිද්‍යාලයේ උප කුලපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති සිල්වා මහත්මිය විසින් අමාත්‍යාංශය වෙත ලිඛිතව දැනුම් දී ඇත.

ඒ අනුව, අමාත්‍ය වරයාගේ නම සමඟ මින් ඉදිරියට “සම්මානිත මහාචාර්ය” යන පදවි නාමය භාවිතා කිරීමට නියමිතය. මීට පෙර අමාත්‍යවරයා “ආචාර්ය” යන පදවි නාමයෙන් හඳුන්වා දෙන ලදි.

අමාත්‍යාංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතාගේ අත්සනින් ඒ පිළිබඳව අමාත්‍යාංශය යටතේ ඇති සියලුම ආයතන ප්‍රධානීන්ට සහ අදාළ නිලධාරීන්ට දැනුම් දී ඇත.

අදාල ලිපිය මෙහි දැක්වෙයි.

Related posts

තවත් ගෑස් නෞකාවක් අද දිවයිනට

Mohamed Dilsad

அமைச்சரவையே தீர்மானிக்க வேண்டும்-தெற்கு அபிவிருத்தி அமைச்சு

Mohamed Dilsad

வெள்ளவத்தையில் புகையிரதத்தில் மோதி நபரொருவர் பலி

Mohamed Dilsad

Leave a Comment