දේශීය

ගව ඝාතනය තහනම් කිරීමට අදාළ පනත් සංශෝධනයට අනුමැතිය

(UTV | කොළඹ) – ගව ඝාතනය තහනම් කිරීමට අදාළව පනත් සහ ආඥා පනත් 5ක් සංශෝධනය කිරීම සදහා සකස් කළ පනත් කෙටුම්පත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි විධානයන්ට අනනුකූල නොවන බව නීතිපතිවරයා දැනුම් දී තිබෙනවා.

ඒ අනුව එම සංශෝධිත පනත් කෙටුම්පත් ගැසට් පත්‍රයේ පළ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වූ බවයි අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ කියා සිටියේ.

දේශීය කෘෂිකර්මාන්තය සහ කිරිපිටි නිෂ්පාදනය ඉහළ නැංවීමේ අරමුණෙන් ගව ඝාතනය, තහනම් කිරීමට රජය තීරණය කළ අතර, ඊට අදාළ නීති සහ රෙගුලාසි මෙන්ම පළාත් පාලන ආයතන විසින් සම්මත කරන ලද අනු නීති සංශෝධනය කිරීමට පසුගිය වසරේ සැප්තැම්බර් 28 වැනි දා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කරනු ලැබුවා.

Related posts

කොරෝනා ආසාදනය වී සිටි පුද්ගලයින් කිහිපදෙනෙක් සුවය ලබයි

Mohamed Dilsad

සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් බස්නාහිර රෝහල්වල වර්ජනයක්

Mohamed Dilsad

ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු නිකුත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment