දේශීය

කොවැක්සීන් එන්නතට WHO අනුමැතිය තවමත් නැහැ

(UTV | කොළඹ) – ඉන්දියාවේ භාරත් බයෝටෙක් ආයතනය මඟින් නිෂ්පාදිත කොවැක්සීන් කොරෝනා එන්නතේ හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබාදීමට තවත් දත්ත අවශ්‍ය වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළා.

ඒ සඳහා කෙටි මාර්ගයක් නොමැති බවයි එමඟින් ඉන්දියාවට දැනුම් දී ඇත්තේ.

එන්නතක හදිසි භාවිතයට අනුමැතිය ලබාදීමට පෙර එහි සුරක්ෂිතභාවය සහ ක්‍රියාකාරී බව මනා ලෙස ඇගයීමට ලක් කළ යුතු බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් සදහන් කළේ.

කෙසේ නමුත් මිලියන සංඛ්‍යාත ඉන්දියානුවන්ට කොවැක්සීන් එන්නත දැනටමත් ලබා දී ඇති අතර එහි 78%ක ශක්‍යතාවක් පවතින බවයි මූලික අධ්‍යයනයන්ගෙන් අනාවරණ වී ඇත්තේ.

කෙසේ නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය නොමැතිව එම එන්නත ලැබූවන්ට විදෙස්ගත වීම ගැටලුවක් වනු ඇති බව සදහන්.

Related posts

සෙවනගල උක් ගොවීන්ගෙන් බලධාරීන්ට චෝදනාවක්

Editor O

පොලිස් නිලධාරියෙකුගේ නිවස කොල්ලකෑ කල්ලියේ තවත් අයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

උදය ගම්මන්පිල ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අභියාචනාධිකරණයට කරුණු කියයි

Editor O

Leave a Comment