Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

සෙවනගල උක් ගොවීන්ගෙන් බලධාරීන්ට චෝදනාවක්

සෙවනගල සීනි සමාගමේ මේ වන විට ගැටලු රාශියක් පැන නැගී ඇති බව සෙවනගල උක් ගොවීන් මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියහ. මාස 06ක් තිස්සේ පොහොර ලබා දී නැති බවත් පවසන ඔවුන් ඇමතිවරයා විසින් එතනෝල් 800 ට දෙන බව කියන්නේ 500ටවත් දෙන්න බැරිව ඉන්න අවස්ථාවක යයිද ඔවුන් කියති.

ගොවීන්ගේ උක් ගස් සදහා ගෙවීම් පසුගිය කාලයේ කෙටි කාලයකින් සිදු කල බවත් මේ වන විට ගොවීන්ගේ ගෙවීම් ප්‍රමාද කර ඇති බවටත් ඔවුන් චෝදනා කළහ.

මාස 11න් අස්වැන්න නෙළිය යුතු වගාවන් මේ වන විට මාස 15ක් වී ඇති බවද අද වන විට කර්මාන්ත ශාලාව දුවන්නේ එක් කොටසක් බවත් ඔවුන් පෙන්වා දුන්හ. මීට පෙර අවස්ථාවකදී මේම ගැටලු සම්බන්ධයෙන් ගොවීන් විසින් මාධ්‍ය හමුවක් පවත්වන ලදී.

නමුත් අමාත්‍යවරයා ඇතුලු නිළධාරීන් ගොවීන්ගේ ප්‍රකාශ ප්‍රතික්ෂේප කර ගොවීන්ට චෝදනා කරන ලද අතර මෙම මාධ්‍ය හමුව කැඳවූයේ ඒ සඳහා පිළිතුරු දීමට බවද ගොවීන් සඳහන් කළහ.

Related posts

මෙරට ලක්ෂ 5කට රැකියා අහිමි වී ඇති බව ලෝක බැංකුව කියයි

Mohamed Dilsad

Sri Lankan Rupee hits record low of 170.65

Mohamed Dilsad

‘Esala’ Perahera commences from today

Mohamed Dilsad

Leave a Comment