දේශීය

පාසල් ළමයින් ප්‍රවාහන ගාස්තුත් ඉහළ යන ලකුණු

(UTV | කොළඹ) – පාසල් ළමයින් ප්‍රවාහනය කරන සංගම් විසින් ඒ සඳහා අය කරන ගාස්තු ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඒ රථවාහන අමතර කොටස් මිල සීඝ්‍ර ලෙස ඉහළ යාම සහ මීට පෙර ඉන්ධන මිල ඉහළ යාමේදී සිය ගාස්තු ඉහළ නොදැමීම පදනම් කර ගනිමින්.

ඒ අනුව, ඉදිරියේදී පාසල් විවෘත කිරීමට කටයුතු කිරීමත් සමඟ මෙලෙස ගාස්තු ඉහළ දැමීමට කටයුතු කරන බවයි සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති එල්. මල්ශ්‍රී ද සිල්වා කියා සිටියේ.

මේ අතර, ඉදිරියේදී ඉන්ධන මිල ඉහළ දැමීමක් සිදුවුවහොත් බස් ගාස්තු සංශෝධනයකට යා යුතු බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කළා. මහනුවරදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව කියා සිටියා.

Related posts

ආනයනික අර්තාපල් මත බද්දක් පනවන ලෙසට ඉල්ලීමක්

Mohamed Dilsad

අධ්‍යාපන අමාත්‍යාංශයේ අංශ කිහිපයක් වසා දැමෙයි

Mohamed Dilsad

ඉන්දියාවේ මිය ගිය තරුණයෙකුට MonkeyPox

Mohamed Dilsad

Leave a Comment