දේශීය

අධ්‍යාපන අමාත්‍යාංශයේ අංශ කිහිපයක් වසා දැමෙයි

(UTV | කොළඹ) – කොවිඩ් අවදානම හේතුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ අංශ කිහිපයක් වසා දැමීමට පියවර ගෙන තිබේ. 

කොරෝනා රෝගීන් හා රෝගීන්ගේ ආශ්‍රිතයන් පිරිසක් හමුවීම නිසා මෙම පියවර ගෙන ඇති බව සඳහන්.

මීට අමතරව , ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවා අද සිට නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිටුවා ඇත.

නිවේදනයක් නිකුත් කරමින් එහි සභාපති වෛද්‍ය සවීන්ද්‍ර ගමගේ මහතා සඳහන් කලේ පවතින කොවිඩ් දැඩි අවධානම් තත්වය පිළිබඳ සළකා බලා ප්‍රධාන කාර්යාලය ඇතුලු දිවයින පුරා සියලු ශාඛාවල සේවාවන් එලෙස තාවකාලිකව නතර කිරීමට සිදුව ඇති බවයි.

වේලාවන් වෙන් කරවා ගත් සේවාලාභීන්ට නැවත සේවා ලබාගැනීමට පැමිණිය යුතු දිනය හා වේලාව ඉදිරියේදී දැනුම් දෙනු ඇත.

Related posts

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවා අද සිට නැවත

Mohamed Dilsad

බොරැල්ලේ මාර්ගයක් ගිලා බසී

Editor O

ගුවන් අනතුර ගැන විමසීමට පාර්ශව 20 ක් කැඳවීමේ සූදානමක්

Mohamed Dilsad

Leave a Comment