දේශීය

ඡන්ද නාමලේඛණයේ නම නැත්නම් දැනුම් දෙන්න

(UTV | කොළඹ) – 2020 ඡන්ද හිමි නාමලේඛණයේ තම නම අන්තර්ගතව නොමැති නම් ලබන 21 වැනිදා සිට නොවැම්බර් 17 දක්වා ඒ පිළිබඳව දැනුම්දීමට අවස්ථාව හිමිවනවා.

මේ වනවිටත් එම ඡන්ද හිමි නාමලේඛණය දිසාපති කාර්යාල, මැතිවරණ කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහ ප්‍රාදේශීය සභාවල මෙන්ම ග්‍රාම නිලධාරී කාර්යාලවලද ප්‍රදර්ශනය කර තිබෙනවා.

වයස අවුරුදු 18 සම්පූර්ණ වූ විගසම තරුණයින්ට ඡන්ද අයිතිය ලැබෙන පරිදි ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත පසුගියදා පාර්ලිමේන්තුවේ දී සම්මත වුණා.

ඒ අනුව අවුරුදු 18 සම්පූර්ණ වන තරුණයින්ගේ නම් ඇතුළත් පරිපූරක ඡන්ද හිමි ලැයිස්තු මාස 04 කට වරක් සකස් කිරීමට මෙමගින් අවස්ථාව සැලසෙනවා.

දැනට පවතින ක්‍රමය යටතේ වසරේ ජනවාරි මස පළමු දිනට දින කිහිපයකට හෝ පසුව වයස අවුරුදු 18 සම්පූර්ණ කළ තරුණයින්ට ඊළඟ වර්ෂයේ මැයි 31 දිනට පෙර ඡන්ද විමසීමක් පැවැත්වුවහොත් ඡන්දය ප්‍රකාශ කිරීමට හිමිකම් ලැබෙන්නේ නැහැ.

එහෙත් නව සංශෝධනය අනුව තරුණයින්ට ඡන්දය ඉක්මණින් ලියාපදිංචි කර ගැනීමේ අවස්ථාව ලැබෙනවා.

Related posts

ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

Mohamed Dilsad

තොරතුරු දැනගැනීමේ කොමිෂම පවත්වාගෙන යෑමට කාර්යය මණ්ඩලය සහ මූල්‍ය ප්‍රතිපාදන ලබාදෙන්න – නීතීඥ සංගමය

Editor O

මැතිවරණ පෙත්සම අද විභාගයට

Mohamed Dilsad

Leave a Comment