දේශීය

පළාත් කිහිපයකට අද වැසි වාර කිහිපයක්

(UTV | කොළඹ) – සබරගමුව සහ මධ්‍යම පළාත්වල අද (17) දිනය තුළ විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසනේ.

උතුරු සහ උතුරු මැද පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශ වල ප්‍රධාන වශයෙන් යහපත් කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

Related posts

තවත් ආසාදිතයන් 9 ක් පූර්ණ සුව අතට

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට අදත් හවසට වැසි

Mohamed Dilsad

2024 අයවැය දෙවන වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද

Mohamed Dilsad

Leave a Comment