දේශීය

විශේෂ අවසරයක් යටතේ අන්තර් පළාත් බස්රථ සේවා

(UTV | කොළඹ) – ලබන 21 වනදා සිට පළාත් අතර සංචරණ සීමා ඉවත් නොකළහොත් විශේෂ අවසරයක් යටතේ අන්තර් පළාත් බස්රථ සේවාව ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

රැකියා සදහා ගමන් අවශ්‍යතා පවතින පිරිස් වෙනුවෙන් එලෙස බස්රථ සේවාව ආරම්භ කරන බවයි මහනුවර අද පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

ලබන 21 වනදා සිට පළාත් අතර සංචරණ සීමා ඉවත් කළහොත් සාමාන්‍ය පරිදි අන්තර් පළාත් බස්රථ සේවාව සම්පූර්ණයෙන් සක්‍රිය කරන බවද දිලුම් අමුණුගම මහතා සදහන් කළා.

Related posts

කිරි තේ සඳහා රුපියල් 100 ක උපරිම මිලක්

Mohamed Dilsad

අද සිට ඇඳිරි නීතිය පැනවෙන්නේ මෙහෙමයි

Mohamed Dilsad

සරසවි සිසුන් සඳහා එන්නත්කරණය අද ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment