දේශීය

ආනයනික අර්තාපල් මත බද්දක් පනවන ලෙසට ඉල්ලීමක්

ආනයනික අර්තාපල් මත බද්දක් පනවන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබේ.

 

විශාල මුදලක් ආයෝජනය කරමින් මෙරට අර්තාපල් වගා කරන ගොවීන් රැකගැනීම රජයේ වගකීමක් වන බැවින් ආනයනික අර්තාපල් සඳහා බද්දක් පනවන ලෙස මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට ලිඛිතව දැනුම්දුන්න ද මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

 

මේ සම්බන්ධයෙන් හෙට (13) දිනයේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයාට කරුණු ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

 

දේශීය අර්තාපල් අස්වැන්න නෙළන සෑම අවස්ථාවකම අර්තාපල් ආනයනය කිරීම හේතුවෙන් දේශීය අර්තාපල් වගාව අත්හැර දමන තත්ත්වයකට ගොවීන් පත්ව සිටින බව අමාත්‍යවරයා පෙන්වාදෙයි.

 

 

Related posts

මුද්දර ගාස්තු ඉහළ දැමීමට මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය

Editor O

රාජ්‍ය ආයතනවල පරිහරණය ට අලුතින් කැබ්රථ 2000ක්….!

Editor O

ඇඳිරිනීතිය උල්ලංඝණය කිරීමට අදාළව 55, 285 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment