දේශීය

බස්නාහිර පළාතේ විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 1,156 ක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – බස්නාහිර පළාතේ ඊයේ (02) උදෑසන 6.00 සිට සවස 6.00 දක්වා කාලය තුළ පොලීසිය විශේෂ මෙහෙයුමක් දියත් කළ මෙහෙයුමකින් විවිධ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 1,156 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බස්නාහිර පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම මෙහෙයුම දියත් කර තිබෙනවා.

එහිදී අධිකරණය මගහැර සිටි වරෙන්තුකරුවන් 531ක්, විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් 54ක් සහ දූෂණ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 491ක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

Related posts

තවත් තරුණියක් අභිරහස් ලෙස මියයයි

Mohamed Dilsad

ස්වාධීන රූපවාහිනිය ඇතුළු ආයතන 04ක ⁣ට සභාපතිවරු පත් කරයි

Editor O

රිලා සංගණනයේ නිරවද්‍යතාව 50%යි – ඇමති නාමල් කරුණාරත්න

Editor O

Leave a Comment