දේශීය

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සේවා සැපයීමට විවෘත කෙරේ

(UTV | කොළඹ) – කොවිඩ් – 19 වෛරස ව්‍යාප්තියේ අවදානම හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවා යළි ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව ලබන 4 වැනිදා සිට සෞඛ්‍යාරාක්ෂිත ක්‍රමවේද යටතේ එහි සේවා යළි ආරම්භ වනු ඇති.

නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය පවසන්නේ, සේවා ලබා ගැනීම සඳහා ජංගම දුරකථන ජාලයකින් 225, ස්ථාවර දුරකථන මගින් 1225 අමතා , නිල වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ ඊ – චැනලින් යෙදුම මගින් දිනයක් හා වේලාවක් වෙන් කරගෙන පැමිණිය යුතු බවයි.

ඊ – චැනලින් සේවාව මගින් දිනයක් හා වේලාවක් වෙන් කර ගෙන මේ දක්වා සේවා ලබා ගත නොහැකි වූ සේවාලාභීන් සේවා ලබා ගැනීම සඳහා පැමිණිය යුතු දිනය හා වේලාව පසුව දැනුම් දෙන බව ද අදාළ නිවේදනයේ සඳහ්ව එහි සඳහන් ය.

Related posts

ඉහළ ගිය පාන් මිල පහළ යන ලකුණු

Mohamed Dilsad

අද පැය 3 ක විදුලිය කප්පාදුවක්

Mohamed Dilsad

2020 O/L සෞන්දර්යය ප්‍රායෝගික පරීක්ෂණ මැයි 18 වැනිදායින් ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment