දේශීය

තවත් තරුණියක් අභිරහස් ලෙස මියයයි

මිහින්තලය පොලිස් වසමේ සිප්පුකුලම ප්‍රදේශයේ කාන්තාවක් වගා ළිඳකට වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, මරණකාරිය අවුරුදු 23ක් වන එම ප්‍රදේශයේම පදිංචිකාරියකි.

 

මියගිය තරුණියගේ නැගණිය ගවයින් බැලීම සඳහා අසල පිහිටි කුඹුරු යායකට ගොස් නැවත පැමිණිමේ දී තම වැඩිමහල් සහෝදරිය නිවසේ නොමැති බවට දැනගෙන තිබේ.

 

පසුව ඇය අවට පරීක්ෂා කිරීමේ දී වගා ළිඳට වැටී සිටින බව දැක ඇත.

 

මියගිය තරුණිය ළිඳට වැටුණේ කෙසේද යන්න පිළිබඳව හා මරණය පිළිබඳ මිහින්තය පොලීසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අද දිනයේ පැය තුනකට සීමා කරයි.

Editor O

මාතර – රත්නපුර මාර්ගයේත් නායයෑමක්

Mohamed Dilsad

හිමිවරුන්ට ගුරු සේවයට එක්වීමට අවස්ථාවක්

Mohamed Dilsad

Leave a Comment