විදෙස්

හිටපු ප්‍රංශ ජනාධිපතිට සිර දඬුවමක්

(UTV | ප්‍රංශය) – ප්‍රංශයේ හිටපු ජනාධිපති නිකලස් සා(ර්)කොයි ට එරෙහිව වසරක සිර දඬුවමක් නියම කිරීමට එරට අධිකරණයක් තීන්දු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

2012දී ජනාධිපතිවරණ ව්‍යාපාරයට ඔහු විසින් නීතිවිරෝධීව මුදල් යෙදවූ බවට ඔහුට එරෙහිව චෝදනා එල්ලවී තිබුණා.

ඒ අනුව එම මැතිවරණ ව්‍යාපාරයට සා(ර්)කොයි විසින් යුරෝ මිලියන 22.5ක් වියදම් කර ඇති අතර එය එසේ වියදම් කළ හැකි උපරිම මුදලට වඩා දෙගුණයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

කෙසේ නමුත් සා(ර්)කොයි තමා වරදක් නොකළ බවයි සඳහන් කර ඇත්තේ.

Related posts

ජනපති ට්‍රම්ප් උතුරු කොරියානු නායකයා හමුවෙයි

Mohamed Dilsad

ඉතාලියේ කොරෝනා මරණ ගණන 6820 ඉක්මවයි

Mohamed Dilsad

කටාර් ගොඩනැගිල්ලක් කඩා වැටී ශ්‍රී ලාංකිකයෙකු ජීවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment