දේශීය

මුළු දිවයිනටම පනවා තිබූ නිරෝධායන ඇඳිරිනීතිය ඉවතට

(UTV | කොළඹ) – දින 41ක් පුරා මුළු දිවයිනටම පනවා තිබූ නිරෝධායන ඇඳිරිනීතිය අද අලුයම 4ට ඉවත් කෙරුණා.

ඊට අනුව ඇඳිරිනීතිය ඉවත් කළද පළාත් සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මක අතර රාත්‍රී කාලයේ අත්‍යවශ්‍ය නොවන ගමන් බිමන් සඳහා අවසර හිමිවන්නේ නැහැ.

රට විවෘත කිරීමත් සමඟ කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සෞඛය මාර්ගෝපදේශ මාලාවක් ඊයේ නිකුත් කළා.

ඒ අනුව අත්‍යවශ්‍ය රාජකාරී හැර අනෙකුත් අවශ්‍යතා සඳහා පළාත් අතර සංචරණ සීමාවන් අඛණ්ඩව ක්‍රියාත්මකයි.

දිනපතා රාත්‍රී 10 සිට පසුදින අලුයම 4 දක්වා අත්‍යවශ්‍ය නොවන සියලු ගමන් සඳහා අවසර හිමිවන්නේ නැහැ.

Related posts

මුතුරාජවෙලට කසල බැහැර කිරීමට එරෙහි පෙත්සම විභාගයට දින තීන්දුයි

Mohamed Dilsad

සංස්කෘතික අරමුදලේ පැමිණිලි භාරගැනීම දීර්ඝ කරයි

Mohamed Dilsad

ක්‍රිකට් 20-20 ලෝක කුසලාන අවසන් මහා තරඟයට දකුණු අප්‍රිකාව සුදුසුකම් ලබයි.

Editor O

Leave a Comment