දේශීය

තවත් 333 දෙනෙකු අත්අඩංගුවට

(UTV | කොළඹ) – ද උදාසන 06 න් අවසන්වූ පැය 24 ක කළය තුල සිදුකළ මෙහෙයුම්වලදී නිරෝධායන නීති උල්ලංඝනය කිරීමේ චෝදනාව යටතේ තවත් පුද්ගලයින් 333 දෙනෙකු සහ වාහන 21 ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති මුලූ පුද්ගලයින් සංඛ්‍යාව 79 දහස් 247 ක්.

මේ අතර බස්නාහිර පළාතට ඇතුලූවන සහ පළාතෙන් පිටවන පුද්ගලයින් 1877 දෙනෙකු සහ වාහන 1149 ක් ඊයේ දිනයේදී පොලිසිය විසින් පරික්ෂාවට ලක්කර තිබෙනවා.

එහිදී මාර්ග බාධක හරහා ගමන් කිරීමට නියමිත අවසරය නොමැති පුද්ගලයින් 251 ක් ඔවුන් පැමිණි වාහනවලින්ම ආපසු හරවා යැවීමට පියවර ගත් බවයි පොලිසිය සදහන් කළේ.

Related posts

අනුරාධපුර බන්ධනාගාර අධිකාරී රිමාන්ඩ් : බන්ධනාගාර කොමසාරිස්ගේ වැඩ තහනම්

Editor O

පළාත් පාලන ආයතන මගින් සැලසුම් අනුමත කිරීම ඔන්ලයින් ක්‍රමයට මාරු වෙයි

Mohamed Dilsad

අමානුෂික ඝාතන දෙකක්

Mohamed Dilsad

Leave a Comment