දේශීය

පළාත් පාලන ආයතන මගින් සැලසුම් අනුමත කිරීම ඔන්ලයින් ක්‍රමයට මාරු වෙයි

(UTV | කොළඹ) – පළාත් පාලන ආයතන මගින් සිදුකරන ඉදිකිරීම් සැලසුම් අනුමත කිරීම සඳහා ඔන්ලයින් ක්‍රමවේදයක් හඳුන්වා දීමට අවශ්‍ය කටයුතු මේ වන විට ක්‍රියාත්මක බව නාගරික සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළේය.  

එහි අධ්‍යක්ෂ ජනරාල් එන්.පී.කේ. රණවීර මේ බව සඳහන් කළේ, පාර්ලිමේන්තුවේ පැවති නාගරික සංවර්ධන සහ නිවාස කටයුතු පිළිබද අමාත්‍යාංශයේ උපදේශක කාරක සභා රැස්වීමේදියි.

පළාත් පාලන ආයතන ප්‍රධානීන් සමග සාකච්ඡා කර ව්‍යාපෘතිය හඳුන්වා දෙන බව ද ඔහු එහිදී කියා සිටියේය.

නාගරික සංවර්ධන අධිකාරියට ලැබෙන සැලසුම් අනුමත කිරීමේදී අයදුම්කරු අපහසුතාවට පත් නොවන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ආදී ආයතන 17 ක් ඒකාබද්ධ කර අදාළ ඔන්ලයින් ක්‍රමය හඳුන්වා දෙනු ඇත.

අගෝස්තු මාසයේ සිට නියමු ව්‍යාපෘතියක් ලෙස එය ආරම්භ කරන බව ද උපදේශක කාරක සභාවේදී වැඩිදුරටත් අනාවරණ විය.

 

Related posts

සුනිල් සිරිවර්ධන අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

බහුදින ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට

Editor O

IM‍F සහ මහ බැංකු ප්‍රතිසංස්කරණ යෝජනාවලට රජයේ මුදල් කාරක සභාවේ සහයෝගය

Mohamed Dilsad

Leave a Comment