දේශීය

අසාද් සාලි වෙනුවෙන් ගොණුකර තිබූ මෝසම ඉල්ලා අස්කරගනී

(UTV | කොළඹ) – දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු ආණ්ඩුකාර අසාද් සාලි වෙනුවෙන් ඇප ඉල්ලා ගොණුකර තිබූ මෝසම ඔහුගේ නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා විසින් ඉල්ලා අස්කරගෙන තිබෙනවා.

කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ මෙම මෝසම අද සළකා බැලුණා.

එහිදී විනිසුරුවරයා සඳහන් කළේ මාවනැල්ල බුදුපිළිම කැඩීමේ සිද්ධිය සහ ජාතීන් අතර මතභේදයක් ඇතිවන ප්‍රකාශයක් කිරීම යන සිදුවීම්වලට අදාළව විත්තිකරුට නීත්පතිවරයා විසින් නඩු පවරා ඇත්තේ වෙනත් අධිකරණ 02 කදී බවයි.

එබැවින් මෙම මෝසම විභාග කිරීමට තමන්ට බලයක් නැතැයි මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා කියාසිටියා.

ඒ අනුවයි මෛත්‍රී ගුණරත්න මහතා විසින් අදාළ මෝසම ඉල්ලා අස්කර ගනු ලැබුවේ.

Related posts

මෙරට සුළං බලය අදානි සමාගමට ලබාදීමෙන්, රජයට ඩොලර් මිලියන ගණනක පාඩුවක් – නීතිඥ අජිත් පී පෙරේරා

Editor O

ලිංගික අල්ලස් ඉල්ලු පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

ටෙලි නාට්‍යය අධ්‍යක්‍ෂවරයෙකු වන සිඞ්නි චන්ද්‍රසේකර අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment