Trending Newsඑසැන පුවත්දේශීය

මෙරට සුළං බලය අදානි සමාගමට ලබාදීමෙන්, රජයට ඩොලර් මිලියන ගණනක පාඩුවක් – නීතිඥ අජිත් පී පෙරේරා

(UTV | කොළඹ) –

ඉන්දියාවේ අදානි සමාගම සමඟ මන්නාරම සහ පුනරීන් ප්‍රදේශවල සුළං බලාගාර සංවර්ධනය කිරීමේ යෝජිත ව්‍යාපෘතියට රජය අනුමැතිය ලබා දීම පිළිබඳව ගැටලුකාරී තත්වයක් මතුවී තිබෙන බව සමගි ජන බලවේගයේ ප්‍රධාන විධායක හිටපු බලශක්ති ඇමති වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් එතුමා කියා සිටියේ ශ්‍රී ලංකාවේ සුළං බල ක්ෂේත්‍රය අදානි සමාගමට ලබාදීම හරහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචනා විජේසේකර  මහා පරිමාණ මූල්‍ය වංචාවක් සිදුකිරීමට යන බවයි.

අජිත් පී පෙරේරා මහතා වැඩිදුරටත් කියා සිටියේ අදානි ව්‍යාපාරය විසින් මන්නාරම සහ පුනරීන් ප්‍රදේශවල සුළං බලාගාර සංවර්ධනය කිරීමේ යෝජිත ව්‍යාපෘතිය යටතේ නිපදවන විදුලිය සඳහා කිලෝ වොට් එකකට ඩොලර් 0.0826 බැගින් ගෙවා විදුලිය මිලදී ගැනීමට රජයට සිදුවන බවත් ටෙන්ඩර් කැඳවීමකින් තොරව අදානි සමූහ ව්‍යාපාරයට ලබාදී ඇති මෙම ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාවට වසර 20ක් තුල ඩොලර් මිලියන ගණනක පාඩුවක් සිදුවන බවත්ය.

අදානි සමූහ ව්‍යාපාරයේ සුළං බල ව්‍යාපෘතිය හරහා රජය මහා පරිමාණ වංචාවක් සිදු කර ඇති බවත් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියනයකට අධික පාඩුවක් සිදුවන බවත් අජිත් පී පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

சட்டம் தன் கடமையை செய்யும்

Mohamed Dilsad

ஆரவ்வுடன் நெருக்கமாக இருக்கும் புகைப்படத்தை வெளியிட்ட ஓவியா

Mohamed Dilsad

පියාගේ පිහි පහරකින් දරුවකුට තුවාල

Mohamed Dilsad

Leave a Comment