දේශීය

සෞන්දර්යය ප්‍රථිඵල නැතත් උසස්පෙළට යන්න අවසර

(UTV | කොළඹ) – 2020 සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්යය විෂයන් වෙනුවෙන් පෙනී සිටි සිසුන් උසස් පෙළ පංති සඳහා ඇතුලත් කරගැනීමට අවශ්‍ය අවම සුදුසුකම් දක්වමින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

අමාත්‍යංශ ලේකම් කපිල පෙරේරා මහතා කියා සිටියේ සෞන්දර්යය විෂයට පෙනී සිටි සිසුන් අනෙකුත් විශයන් සඳහා සම්මාන දෙකක් ද ඇතුලුව විෂයන් 05 ක් සමත්ව ඇත්නම් සහ නිපුණතා මට්ටම 01 සිට 04 දක්වා ඇත්නම් සෞන්දර්යය විෂයෙහි ප්‍රථිඵල නිකුත් කරන තෙක් එම සිසුන්ට උසස්පෙළ පංති සඳහා ඇතුලත් විය හැකි බවයි.

මේ අනුව සෞන්දර්යය විෂයට අදාල ප්‍රථිඵල නිකුත් කිරීම ප්‍රමාදවීම හේතුවෙන් සිසුන්ට කිසිදු අසාධාරණයක් සිදු නොවන බව පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදි ලේකම්වරයා අවධාරණය කළා.

Related posts

ලංවීම කෑලි හතරකට වෙන් කරයි

Editor O

පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණය විවෘත කරයි

Mohamed Dilsad

මාලදිවයිනේ සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment