දේශීය

පළාත් කිහිපයකට වැසි

(UTV | කොළඹ) – බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලටත් ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන පරිදි උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලට පස්වරු 2.00 න් පමණ පසු ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

මේ අතර, මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වූ මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර 40 ත් 50 ත් දක්වා ඉහළ යා හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

Related posts

දැඩි ආරක්ෂාවක් යටතේ ප්‍රවාහනය වන කැරට් ගෝනි

Mohamed Dilsad

කුලියාපිටිය, පන්නල, ගිරිඋල්ල, නාරම්මල සහ දුම්මලසුරිය පොලිස් බල ප්‍රදේශ වලට ඇඳිරි නීතිය පැනවේ

Mohamed Dilsad

කොරෝනා වැළැක්වීමේ වැඩපිළිවෙලට පක්ෂ නායකයින්ගේ එකඟත්වය

Mohamed Dilsad

Leave a Comment