දේශීය

NMRA දත්ත මැකීයාම ගැන විමර්ශන ඉදිරි දවස් දෙක තුනේදී අවසන් කළ හැකියි? – පොලීසිය

(UTV | කොළඹ) – ජාතික ඖෂධ නියාමන අධිකාරියේ(NMRA) දත්ත ගබඩාවේ අධි සංවේදී දත්ත මැකීයාම සම්බන්ධ විමර්ශන ඉදිරි දින දෙක තුන තුළ අවසන් වනු ඇතැයි, පොලීසිය පවසයි.
පොලීසිය සඳහන් කළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මොරටුව විශ්වවිද්‍යාලය හා සම්බන්ධ වෙමින් අදාළ විමර්ශනය ක්‍රියාත්මක කරමින් ඇති බවය.

විමර්ශනයේ අවසන් වාර්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීයාමේ සිද්ධියේ අමාත්‍යාංශය මට්ටමින් සිදු කරන විමර්ශන තාවකාලිකව අත්හිටුවීමට පසුගියදා තීරණය කළේ ය.

ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් දැනට විමර්ශන ක්‍රියාත්මක බැවින් එම පියවර ගත් බවයි.

Related posts

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක්

Editor O

හිස තෙල් ගෑමේ රාජ්‍ය උළෙල කැලණියෙදී

Mohamed Dilsad

අප්‍රේල් 09 වනදා සිට විශේෂ දුම්රිය සේවාවක් [RELEASE]

Mohamed Dilsad

Leave a Comment