දේශීය

අද දිනයේත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකටම වැසි

(UTV | කොළඹ) – සබරගමුව, බස්නාහිර පළාත්වලට හා ගාල්ල, මාතර යන දිස්ත්‍රික්වලට අද දිනයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

සෙසු ප්‍රදේශවල සවස 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

ඌව, නැගෙනහිර, උතුර හා උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි බලාපොරොත්තු විය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට උදය කාලයේ දී වැසි හෝ ගුගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

ගිගුරුම් සහිත වැසි නිසා ඇති විය හැකි තාවකාලික සුළංවලින් හා අකුණු මඟින් සිදු විය හැකි අනතුරු හැකිතාක් අවම කරගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

Related posts

වැලිකඩ බන්ධනාගාරයේ විශේෂ මෙහෙයුමකින් ජංගම දුරකථන සොයා ගනී

Mohamed Dilsad

මෙරට PCR පරීක්ෂණ 140,000 ඉක්මවයි

Mohamed Dilsad

සුදු සීනී ආනයනයට අද සිට යළි අවසර

Mohamed Dilsad

Leave a Comment