ක්‍රීඩාදේශීය

ජයග්‍රාහී ශ්‍රී ලංකා පිලට ජනපතිගෙන් සුබ පැතුම්

(UTV | කොළඹ) – දකුණු අප්‍රිකාව පරදවා එක්දින තරගාවලි ජයග්‍රහණයක් වාර්තා කළ ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සුබපතා තිබෙනවා.

ට්වීටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා එම ජයග්‍රහණයට දායක වූ කණ්ඩායමට මෙන්ම පුහුණුකරුවන්ට ස්තූතිය පළ කළා.

ඔවුන්ගේ කැපවීම් තුළින් දැක් වූ දස්කම් පිළිබඳ ව සියල්ලන්ට ආඩම්බරයට පත්විය හැකි බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සඳහන් කළේ.

මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා පිල 2023 ලෝක කුසලාන තරගාවලියට ඍජු ව සුදුසුකම් ලැබීමේ අවස්ථාවට තවදුරටත් ළං වුණා.

Related posts

ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

තවත් පුහුණු මැතිවරණයක් හෙට

Mohamed Dilsad

පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකුට මැර ප්‍රහාරයක්

Mohamed Dilsad

Leave a Comment