දේශීය

අගමැති මහින්ද ඉතාලියට

(UTV | කොළඹ) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ලබන සතියේ ඉතාලි සංචාරයක් බලා පිටත්ව යාමට නියමිතය.

ඉතාලියේ විශ්ව විද්‍යාලයක පැවැත්වෙන සමුළුවකට සහභාගී වීම සඳහා අගමැතිවරයා මෙම සංචාරයට එක්වන බව විදේශ අමාත්‍ය ජී පිරිස් මහතා සඳහන් කරයි.

යුරෝපයේ ඉහළම මට්ටමේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් වන එහි පළමු සැසිවාරය ආමන්ත්‍රණය කිරීමට අග්‍රාමාත්‍යවරයාට ඇරයුම් ලැබී ඇති බවද ඒ මහතා පැවසීය.

ශ‍්‍රී ලංකාවේ යථාර්ථය පිළිබඳව එහිදී අග්‍රාමාත්‍යවරයා යුරෝපයට කරුණු දක්වනු ඇති බව ද අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.

Related posts

මෙරට පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය “යවම්-ඊ-ඉස්ටෙහ්සාල්” දිනය පවත්වයි

Mohamed Dilsad

තුර්කියේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

අගමැති උපදේශක ධූරයට ජයන්ත වීරසිංහ පත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment