දේශීය

අගමැති මහින්ද ඉතාලියට

(UTV | කොළඹ) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ලබන සතියේ ඉතාලි සංචාරයක් බලා පිටත්ව යාමට නියමිතය.

ඉතාලියේ විශ්ව විද්‍යාලයක පැවැත්වෙන සමුළුවකට සහභාගී වීම සඳහා අගමැතිවරයා මෙම සංචාරයට එක්වන බව විදේශ අමාත්‍ය ජී පිරිස් මහතා සඳහන් කරයි.

යුරෝපයේ ඉහළම මට්ටමේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් වන එහි පළමු සැසිවාරය ආමන්ත්‍රණය කිරීමට අග්‍රාමාත්‍යවරයාට ඇරයුම් ලැබී ඇති බවද ඒ මහතා පැවසීය.

ශ‍්‍රී ලංකාවේ යථාර්ථය පිළිබඳව එහිදී අග්‍රාමාත්‍යවරයා යුරෝපයට කරුණු දක්වනු ඇති බව ද අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.

Related posts

කම්කරු දෙපාර්තමේන්තුව පෞද්ගලික ආයතන පිළිබඳ සමීක්ෂණයක් අරඹයි

Mohamed Dilsad

මයන්ත සජබ තනතුරෙන් ඉල්ලා අස්වේ

Mohamed Dilsad

වරාය නගර පනත ගැන විවාදය අද

Mohamed Dilsad

Leave a Comment