දේශීය

කම්කරු දෙපාර්තමේන්තුව පෞද්ගලික ආයතන පිළිබඳ සමීක්ෂණයක් අරඹයි

(UTV | කොවිඩ් 19) – කොරෝනා වසංගතය හේතුවෙන් බලපෑමට ලක්වූ පෞද්ගලික අංශයේ ආයතන පිළිබඳව කම්කරු දෙපාර්තමේන්තුව සමීක්ෂණයක් ආරම්භ කිරීමට කටයුතු ආරම්භ කර ඇත.

ඒ, මෙරට පෞද්ගලික අංශයේ ව්‍යාපාරික ආයතනවල පැවැත්ම සහ සේවකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සුදුසු තීරණ ගැනීමට සහ එම ආයතනවලට අවශ්‍ය සහන සැළසීම සම්බන්ධයෙන් සලකා බැලීමට රජයට පහසුවීම සඳහායි.

ඒ අනුව කම්කරු දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිසීමෙන් ඔන්ලයින් මාර්ගයෙන් පෞද්ගලික ආයතනවලට ඊට අදාළ තොරතුරු ලබාදිය හැකි අතර , මැයි මස 03 වනදාට හෝ ඊට පෙර මෙම තොරතුරු ඉදිරිපත් කරන ලෙස කම්කරු අමාත්‍යාංශය නිවේදනය කරයි.

එක් එක් ව්‍යාපාරය සඳහා වෙන වෙනම ඊට අදාළ තොරතුරු ඉදිරිපත් කරන ලෙසද කම්කරු අමාත්‍යාංශය දැනුම් දෙයි.

Related posts

තවත් ආසාදිතයින් 6දෙනෙක්

Mohamed Dilsad

අයවැයෙන් වැඩි කළ මුදල ජනවාරි සිට දෙන්න යයි

Mohamed Dilsad

කළුබෝවිල ශික්ෂණ රෝහලේ වාට්ටුවක් වසා දමයි

Mohamed Dilsad

Leave a Comment