දේශීය

ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

(UTV | කොළඹ) – සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 40ත් 5ත් අතර දක්වා වැඩි විය හැකි බවත් ඔවුන් නිවේදනයේ සඳහන් කර තිබෙනවා.

දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 07 දක්වා සූර්යයා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතින නිසා අද දින (07) දහවල් 12.08 ට පමණ දෙවුන්දර ප්‍රදේශයට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතිනවා.

Related posts

සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම් දීමක්

Mohamed Dilsad

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, තීරණාත්මක දේශපාලන තීන්දුවකට එළඹීමට සූදානමින්…!

Editor O

බිරිඳව ඝාතනය කළ සැමියා සියදිවි නසා ගනී

Mohamed Dilsad

Leave a Comment