දේශීය

”මෙතෙක් රු.2000 නොලැබුණු පවුල්වලට අභියාචනා කළ හැකියි”

(UTV | කොළඹ) – කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුකොට ගෙන ආදායම් අහිමි වූ පවුල් වෙනුවෙන් රජය ලබාදීමට සැලසුම් කළ රුපියල් දෙදහසක දීමනාව මෙතෙක් නොලැබුණු පවුල්වලට අභියාචනා ඉදිරිපත් කර එම මුදල් ලබාගැනීමට හැකියාව ඇති බව ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන කාර්ය සාධක බළකාය පවසයි.

තමන් පදිංචි ප්‍රදේශයන්හි දිස්ත්‍රික් ලේකම්වරුන්ට හෝ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත එම අභියාචනා ඉදිරිපත් කිරීමට හැකි බව ද එම කාර්ය සාධක බළකාය පෙන්වා දෙයි.

මේ වන විට ආදායම් අහිමි එවැනි පවුල් ලක්ෂ 24ක් වෙත එම රුපියල් දෙදහසක දීමනාව ලබාදී ඇති බව ද එම කාර්ය සාධක බළකාය වැඩිදුරටත් පවසයි.

Related posts

උමා ඔයේ වැඩ නිම කිරීමට ඉරානයෙන් කාර්මිකයන් 85 දෙනෙක්

Mohamed Dilsad

විපක්ෂයේ දේශ­පා­ලන ශක්තිය, ආණ්ඩු­වට නොපෙ­නීම වාසි­යක් – හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී සංජීව එදි­රි­මාන්න

Editor O

මෙරට කොවිඩ් ආසාදිතව සුවය ලැබූවන් 35, 000 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment