දේශීය

නිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ 626ක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – නිරෝදායන නීති රීති කඩ කිරීම සම්බන්ධයෙන් ගත වූ පැය 24 තුළ, පුද්ගලයින් 626 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව නිරෝධායන නීති රීති කඩ කිරීම සම්බන්ධයෙන් මේ දක්වා අත්අඩංගුවට පත් වී ඇති ගණන 59,621 දෙනෙක්.

බස්නාහිර පළාත තුළ ස්ථාපිත කොට ඇති මාර්ග බාධක 13කින් බස්නාහිර පළාතට ඇතුළු වූ වාහන 307ක් සහ පුද්ගලයින් 515ක් පරීක්ෂා කර ඇති අතර, පරීක්ෂා කරන ලද බස්නාහිර පළාතින් පිට වූ වාහන ගණන 302ක්.

බස්නාහිර පළතෙන් පිට වූ පුද්ගලයින් 580 දෙනෙකු ද පොලිසියේ පරීක්ෂාවට ලක් වී තිබෙනව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්‍යාලය දැනුම් දෙනවා.

Related posts

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

Mohamed Dilsad

මිනින්දෝරු නිලධාරීන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක

Mohamed Dilsad

අර්ජුන මහේද්‍රන්ට එරෙහි වරෙන්තුව ක්‍රියාත්මක කිරීමට නියෝගයක්

Mohamed Dilsad

Leave a Comment