දේශීය

නිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ 626ක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – නිරෝදායන නීති රීති කඩ කිරීම සම්බන්ධයෙන් ගත වූ පැය 24 තුළ, පුද්ගලයින් 626 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව නිරෝධායන නීති රීති කඩ කිරීම සම්බන්ධයෙන් මේ දක්වා අත්අඩංගුවට පත් වී ඇති ගණන 59,621 දෙනෙක්.

බස්නාහිර පළාත තුළ ස්ථාපිත කොට ඇති මාර්ග බාධක 13කින් බස්නාහිර පළාතට ඇතුළු වූ වාහන 307ක් සහ පුද්ගලයින් 515ක් පරීක්ෂා කර ඇති අතර, පරීක්ෂා කරන ලද බස්නාහිර පළාතින් පිට වූ වාහන ගණන 302ක්.

බස්නාහිර පළතෙන් පිට වූ පුද්ගලයින් 580 දෙනෙකු ද පොලිසියේ පරීක්ෂාවට ලක් වී තිබෙනව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්‍යාලය දැනුම් දෙනවා.

Related posts

2020 සාමාන්‍ය පෙළ ප්‍රායෝගික විභාග සඳහා දිනයන් ප්‍රකාශයට පත් කරයි

Mohamed Dilsad

කොත්තු, බත් පැකට්ටුවක මිල 10% කින් ඉහළට

Mohamed Dilsad

පාසල් දරුවන්ට ELM ක්‍රමය : ගුරු සංගම් යළි කියයි

Mohamed Dilsad

Leave a Comment