විදෙස්

ඉන්දියාවේ පාසල් හා විශ්ව විද්‍යාල විවෘත කිරීමට සුදානම්

(UTV | ඉන්දියාව) – ඉන්දියාවේ ප්‍රාන්ත රැසක පාසල් හා විශ්ව විද්‍යාල ලබන මස පළමුවැනිදා සිට යලි විවෘත කෙරේ. තමිල්නාඩු ප්‍රාන්තය මේ බව ඉකුත් සතියේ ප්‍රකාශ කළ අතර තෙලංගානා ප්‍රාන්තය ද අද ඒ බව නිවේදනය කළේය.

පසුගිය දින 28 දිී දෛනික ආසාදිතයන්ගේ හා මරණ සංඛ්‍යාව විශාල ලෙස පහල ගොස් තිබේ. සාමාන්‍යයෙන් දෛනික ආසාදිත සංඛ්‍යාව සියයට 1 යි දශම 9 යි 4 කි. එන්නත් ලබා ගත් අයට ඩිජිටල් සහතිකයක් නිකුත් කිරීම ආරම්භ කර ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.

මේ මස 30 වැනිදාට පෙර රටේ සියලු නගර හා ගම්වල පිහිටි පෞද්ගලික හා රජයේ පාසල් ඒවායේ නේවාසිකාගාර පිරිසිදු කළ යුතුය.

කොවිඩ් නිසා අධ්‍යාපන පද්ධතියට එල්ල වු බලපෑම ඉතා විශාල බව තෙලංගනා ප්‍රාන්ත ප්‍රධාන ඇමති කේ චන්ද්‍රසේකර් රාඕ මහතා පවසයි. එරට කොවිඩ් ආසාදිතයන්ගේ සුවය ලැබීම සියයට 98 කි.

Related posts

බිල් ගේට්ස් වසර 27 ක විවාහ දිවිය අවසන් කරයි [PHOTOS]

Mohamed Dilsad

පකිස්ථාන ආණ්ඩුවට බහුතරය අහිමි වෙයි

Mohamed Dilsad

නරුහිතෝ කුමරු ජපානයේ නව අධිරාජ්‍යයා ලෙස අභිෂේක ලබයි.

Mohamed Dilsad

Leave a Comment