ගොසිප්

ශ‍්‍රී ලංකාව එක්සත් අරාබි එමිර් රාජ්‍යයෙන් ණයට ඉන්ධන ඉල්ලයි

(UTV | කොළඹ) – දිගුකාලීන ණය පදනම යටතේ ශ්‍රී ලංකාවට බොර තෙල් හා ඛණිජ තෙල් ආශ්‍රිත නිෂ්පාදන ලබා ගැනීම සම්බන්ධයෙන් එක්සත් අරාබි එමිර් රාජ්‍යය සමඟ සාකච්ඡාවක් පැවත්වී තිබේ.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල සහ කොළඹ සිටින එක්සත් අරාබි එමීර් රාජ්යයේ තානාපති කාර්යාලයේ වැඩබලන ප්‍රධානියා අතර මෙම සාකච්ඡාව ඊයේ දින පැවැත්වී ඇත.

ශ්‍රී ලංකාව මුහුණපා සිටින විදේශ විනිමය අර්බුදයට විසඳුමක් ලෙස මෙම යෝජනාව ඉදිරිපත් කරන ලද බව උදය ගම්මන්පිල මහතාගේ සමාජ ජාල ගිණුම් සටහන් කර තිබේ.

එම සාකච්ඡාව සඳහා බලශක්ති අමාත්‍යාට අමතරව එම අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් පිරිසක් ද සහභාගි වී තිබිණි.

Related posts

සරත් ෆොන්සේකාව අත්අඩංගුවට ගන්නැයි නිවේදනයක්

Mohamed Dilsad

සජිත් ප්‍රේමදාසට පක්ෂ නායකත්වය බාරගන්නා ලෙසට ඉල්ලීමක්

Mohamed Dilsad

රටම දන්න ටික්ටොක් රැජිනක් වුණු සුරූපීම ගුවන්සේවිකාව හර්ශනි

Mohamed Dilsad

Leave a Comment