දේශීය

හිටපු අමාත්‍ය මංගල සමරවීර මැතිතුමාගේ හදිසි අභාවය පිළිබඳ ශෝක ප්‍රකාශය – ACMC

(UTV | කොළඹ) – ජනතා ගෞරවාදරයට පාත්‍රව සිටි විශිෂ්ඨ පුරවැසියෙක් සහ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙක් වූ මංගල සමරවීර මැතිතුමාගේ හදිසි අභාවය අසා, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මැතිතුමා නායකත්වය දරන, සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ අප බලවත් සංවේගයට පත් වුණෙමු.

අමාත්‍ය ධූර ගණනාවක් හොබවමින්, ජනතාවගේ අභිලාෂයන් මුදුන් පැමිණවීමෙහිලා සුවිශේෂ මෙහෙවරක් කළ මංගල සමරවීර මැතිතුමාගේ දේශපාලන භූමිකාව තුළ අප රටට ඉමහත් සේවයක් සිදු විය. ජාත්‍යන්තරය සමග වෘත්තීය මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වමින් අප රටේ අභිවෘද්ධිය වෙනුවෙන් සමරවීර මැතිතුමා කළ මෙහෙය සුවිශේෂීය.

මාතර දිස්ත්‍රික්කයෙන් 1989 වර්ෂයේ දී පාර්ලිමේන්තුවට තේරී පත්ව, තිස් වසරකට ආසන්න කාලයක් අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කළ, පොදු ජන යහපත වෙනුවෙන් හෘද සාක්ෂියට එකඟව කටයුතු කළ මානවවාදී ගුණයෙත් අනූන දේශපාලනඥයෙකුගේ අකාලික සමුගැනීම අප රටට බලවත් පාඩුවකි.
සංවේගප්‍රාප්ත මේ අවස්ථාවේ, මංගල සමරවීර මැතිතුමාගේ පවුලේ සියලු දෙනාටත්, ඥාති හිතමිත්‍රාදීන් ඇතුළු පාක්ෂිකයන්ටත් සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ බලවත් සංවේගය පළ කරමු.

– සමස්ත ලංකා මහජන කොංග්‍රසය.

Related posts

යාපනය, චෙම්මනි මිනිවළෙන් මිනිස් සිරුරු 101කට අදාළ අස්ථි කොටස් ගොඩගනී: තවදුරටත් කැනීම්

Editor O

තවත් PCR පරීක්ෂණ 889 ක් මෙරටදී

Mohamed Dilsad

විදුලි වාහන චාර්ජ්කරන තැන් නියාමනය කිරීමේ වැඩසටහනක්

Editor O

Leave a Comment