දේශීය

සතිපතා ඔක්සිජන් ආනයනයට කැබිනට් අනුමැතිය

(UTV | කොළඹ) – කොවිඩ් – 19 රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය ද්‍රව වෛද්‍ය ඔක්සිජන් ලීටර් 300,000 බැගින් සතිපතා ආනයනයට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

දැනට පැතිරී යන වෛරස ප්‍රභේදය හේතුවෙන් ඔක්සිජන් මත යැපෙන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බැවින් මාසිකව ආනයනය කරනු ලබන ලීටර් 120,000 වෙනුවට සතිපතා ලීටර් 300,000 බැගින් ආනයනය කිරීම සඳහා වන මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ, සෞඛ්‍ය අමාත්‍යවරයා විසිනි.

මීට පෙර මැයි 24 වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිව තිබුණේ, ද්‍රව වෛද්‍ය ඔක්සිජන් ලීටර් 120,000ක් මාසිකව ආනයනය කිරීම සඳහායි.

Related posts

ජුනි 27 හෝ 28 විය හැකි දෙයක් ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වාගෙන් ඉඟියක්…

Editor O

විදුලි ගාස්තු සංශෝධනයට එරෙහි පෙත්සම විභාගයට ගන්න අවසර දෙන්නේ ද? නැද්ද ?

Mohamed Dilsad

සත්‍යග්‍රහයක නිරත වූ පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment