විදෙස්

ඇෆ්ගනිස්ථානයේ නගර රැසක තලෙයිබාන් සංවිධානයට එරෙහිව විරෝධතා ඇරඹේ

ඇෆ්ගනිස්ථානයේ නගර රැසක තලෙයිබාන් සංවිධානයට එරෙහිව විරෝධතා ඇරඹේ. තලෙයිබාන් කැරලිකරුවන් නිවසින් නිවසට ගොස් මිනිස් දඩයමක් ආරම්භ කර ඇති බව එක්සත් ජාතින්ගේ සංවිධානයේ බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබෙ.

මේ අතර අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා පවසන්නේ ලබන 30 වැනිදා වනවිට ඇෆ්ගනිස්ථානයෙන් සිය හමුදා මුලුමනින්ම ඉවත් කර ගැනිමට කලින් සැලසුම් කර තිබුණද එම තීරණය වෙනස් කළ බවයි. එරට සිටින අමෙරිකානු ජාතිකයන්ට රටින් පිටවිමට පහසුකම් සැලසිම සදහා තම හමුදා තවදුරටත් එරට රැදි සිටිනු ඇතැයි ඔහු සදහන් කරයි.’ බටහිර රටවල් ගණනාවක්ම ඇෆ්ගනිස්ථානයේ සිටින තම වැසියන් හා ඔවුන්ට ආධාර කළ ඇෆ්ගනිස්ථාන ජාතිකයන් ඉවත් කර ගැනිම මේ වනවිට ආරම්භ කර තිබේ. ඒ අනුව කාබුල් ගුවන්තොටුපලේ පවතින්නේ දැඩි නොසන්සුන්තාවකි. එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය ඉරිදා සිට මේ දක්වා ගුවන් තොටුපලේ මරණ 12 ක් වාර්තා විය.

ඇෆ්ගනිස්ථානයෙන් හමුදා ඉවත් කර ගැනිමට ගත් තීරණය නිවැරදි බව අමෙරිකානු ජනාධිපතිවරයා යලි සදහන් කරයි. ඒ බී සි රූපවාහිනිය සමග’ පැවති සාකච්ඡාවකදි ඔහු ඒ බව පැවසියි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසන්නේ මින් ඉදිරියට ඇෆ්ගනිස්ථානයට කිසිදු ආධාරයක් නොදෙන බවයිි.

Related posts

රුසියානු රජයේ පුවත් ඒජන්සියෙන් දැනුම්දීමක්

Mohamed Dilsad

ඊශ්‍රායල මහ මැතිවරණයෙන් ලිකුඩ් පක්ෂය ජයගනී

Mohamed Dilsad

එංගලන්තයේ අගුලු දැමීමේ නීති මාස ගණනකට පසුව ලිහිල් කරයි

Mohamed Dilsad

Leave a Comment