ක්‍රීඩා

ඇෆ්ගනිස්තාන – පාකිස්තාන එක්දින තරඟාවලිය හම්බන්තොට දී

ඇෆ්ගනිස්තාන – පාකිස්තාන එක්දින තරඟාවලිය සැලසුම්කළ පරිදි ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන බව එම දෙරටෙහි ක්‍රිකට් බලධාරීන් පැවසීය.

තලෙබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්තානයේ බලය අල්ලා ගැනීමත් සමග එම එක්දින තරඟාවලිය පැවැත්වේද නොපැවැත්වේද යන්න පිළිබඳව අවිනිශ්චිත තත්ත්වයක් නිර්මාණය විණි.

තරඟ 3කින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරඟාවලිය හම්බන්තොට දී පැවැත්වීමට නියමිතය. එහි පළමු තරඟය සැප්තැම්බර් 3 වනදා පැවැත්වෙයි.

Related posts

ශ්‍රී ලංකා එක්දින නායකත්වයට නවකයෙක්?

Mohamed Dilsad

මහීෂ් තීක්ෂණ ආබාධයක් ලක්වෙයි

Mohamed Dilsad

මුම්බායි ඉන්දියන්ස් සිව් වැනි වතාවටත් තියුණු ජයක් වාර්තා කරයි.

Mohamed Dilsad

Leave a Comment