දේශීය

සියලු මුස්ලිම් පල්ලි වලට විශේෂ නිවේදනයක්

(UTV | කොළඹ) – කොරෝනා වසංගතයෙන් අප රටවැසියන් ආරක්ෂා කිරීම සඳහා දිවා රෑ නොබලා රාජකාරී කරන සෞඛ්‍ය හා ආරක්ෂක අංශයේ සේවකයන් ඇතුළු සියලුම රටවැසියන් ආරක්ෂා කරන්නැයි ප්‍රාර්ථනා කරමින් අද (19) විශේෂ දේව වන්දනයක් සිදුකරන්නැයි සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය සමස්ත මුස්ලිම් දේවස්ථාන පාලනාධිකාරීවලින් සහ ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටියි.

ඉස්ලාම් දින දර්ශනයේ ශුද්ධ වූ ආෂ්රා දිනය යෙදෙන අද සහ හෙට මෙම වන්දනය සිදුකරන ලෙස සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ මහ ලේකම් අෂ් ෂේක් එම්. අර්කම් නූරාමිත් මවුලවිතුමන් ඉල්ලා සිටියි. සියලුම මුස්ලිම් දේවස්ථානවල පාහේ මෙම වන්දනය සහ ප්‍රාර්ථනය සිදුවනු ඇතැයි ද එතුමන් සඳහන් කළේය.

Related posts

කෑගල්ලේ වෛද්‍යවරියන් තිදෙනෙකු ඇතුළු 23 කට කොරෝනා

Mohamed Dilsad

ඩයනාගේ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්

Mohamed Dilsad

දේශබන්දු ට එරෙහි පෙත්සමක් ගාස්තුවට යටත්ව නිශ්ප්‍රභ කෙරේ

Mohamed Dilsad

Leave a Comment