දේශීය

සියලු මුස්ලිම් පල්ලි වලට විශේෂ නිවේදනයක්

(UTV | කොළඹ) – කොරෝනා වසංගතයෙන් අප රටවැසියන් ආරක්ෂා කිරීම සඳහා දිවා රෑ නොබලා රාජකාරී කරන සෞඛ්‍ය හා ආරක්ෂක අංශයේ සේවකයන් ඇතුළු සියලුම රටවැසියන් ආරක්ෂා කරන්නැයි ප්‍රාර්ථනා කරමින් අද (19) විශේෂ දේව වන්දනයක් සිදුකරන්නැයි සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය සමස්ත මුස්ලිම් දේවස්ථාන පාලනාධිකාරීවලින් සහ ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටියි.

ඉස්ලාම් දින දර්ශනයේ ශුද්ධ වූ ආෂ්රා දිනය යෙදෙන අද සහ හෙට මෙම වන්දනය සිදුකරන ලෙස සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ මහ ලේකම් අෂ් ෂේක් එම්. අර්කම් නූරාමිත් මවුලවිතුමන් ඉල්ලා සිටියි. සියලුම මුස්ලිම් දේවස්ථානවල පාහේ මෙම වන්දනය සහ ප්‍රාර්ථනය සිදුවනු ඇතැයි ද එතුමන් සඳහන් කළේය.

Related posts

චීන ජාතිකයින් 30 දෙනෙකු අත්අඩංගුවට

Editor O

ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරිණිය ඇප මත මුදා හරී

Editor O

මාස පහකින් කරන්න බැරි දේ ගැන මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාලගෙන් ප්‍රකාශයක්

Editor O

Leave a Comment