දේශීය

දුම්රිය සේවකයින් 360කට කොවිඩ්: තිදෙනෙකු මිය යයි

(UTV | කොළඹ) – අද දිනයෙත් පළාත් තුළ දුම්රිය ගමන්වාර 82 ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේ, මේ වනවිට දුම්රිය දෙපාර්තමේන්තුවේ 360 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවය.

කොරෝනා ආසාදනය වූ දුම්රිය සේවකයින් 03 දෙනෙකු මියගොස් ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

මේ අතර දුම්රිය ස්ථානාධිපතිවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මේ වනවිට දුම්රිය ස්ථාන 10 ක් තාවකාලිකව වසා දමා ඇති බවද ඔහු ප්‍රකාශ කළේ ය.

සාමාන්‍යාධිකාරීවරයා ප්‍රකාශ කළේ, ඒ අතර මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ස්ථාන 05 ක් වන බවය.

 

No description available.

No description available.

Related posts

සමගි ජන බලවේගයට පොලිසියෙන් විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

සඳුදා ඉඳන් සතියේ දවස් 05ම පාසල් පැවැත්වෙයි

Mohamed Dilsad

බිලියන ගණනක් වටිනා ඖෂධ තොග, ගබඩාවල කල්ඉකුත්වීමට ආසන්නයි – වෛද්‍ය චමල් සංජීව

Editor O

Leave a Comment