දේශීය

අද සිට විශේෂ ජංගම එන්නත්කරණ වැඩසටහනක්

(UTV | කොළඹ) – විශේෂ ජංගම එන්නත්කරණ වැඩසටහනක් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් අද (12) සිට ආරම්භ කිරීමට නියමිත ව තිබෙනවා.

බස්නාහිර පළාත තුළ මෙතෙක් එන්නත් ලබාගෙන නොමැති වයෝවෘධ පුද්ගලයින් සහ විවිධ අවශ්‍යතා සහිත පුද්ගලයින් සඳහා මෙය ක්‍රියාත්මක කරන බව ශ්‍රි ලංකා යුද හමුදාව සඳහන් කළා.

ඒ අනුව මෙම ජංගම එන්නත්කරණ වැඩපිළිවෙළ අද ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද හමුදා මූලස්ථාන පරිශ්‍රයේ දී ආරම්භ වීමට නියමිත යි.

යුද හමුදා වෛද්‍ය බලකායේ වෛද්‍ය කණ්ඩායම් ඇතුළු ව විශේෂ ජංගම රථ 10ක් මේ සඳහා සූදානම් කර තිබෙනවා.

මෙම ජංගම එන්නත්කරණය සිදු කර ගැනීමට අවශ්‍ය මහජනතාව 011 -2 860 002 හෝ 1906 යන දුරකතන අංක අමතා ලියාපදිංචි වීමෙන් එන්නත්කරණය සිදු කර ගැනීමේ හැකියාව පවතින බව ශ්‍රී ලංකා යුද හමුදාව සඳහන් කළා.

Related posts

හිටපු කතානායකවරයෙක් ප්‍රාදේශීය සභා මැතිවරණයට ඉදිරිපත්වන බව කියයි…

Editor O

දුරගමන් සේවා බස් සති අන්තයේදි සාමන්‍ය පරිදි ධාවනයට

Mohamed Dilsad

ග්‍රාම නිලධාරීන් යළිත් රු 5000 දීමනාව බෙදීමේ කටයුතුවලට

Mohamed Dilsad

Leave a Comment