විදෙස්

පූර්ණ එන්නත්කරණය ලැබූ විදේශිකයන්ට හජ් වන්දනාවට වරම

(UTV | සෞදි අරාබිය) – මෙවර හජ් වන්දනා සමයේදී පූර්ණ එන්නත්කරණය ලැබූ විදේශිකයන්ට ද ක්‍රමයෙන් අවසර ලබාදීමට කටයුතු කරන බව සෞදි බලධාරින් ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ නමුත්, අද සිට ආරම්භ වන එම වැඩපිළිවෙල යටතේ එලෙස අවසර ලබා දෙන සංඛ්‍යාව සීමා සහිත වනු ඇති. හජ් වන්දනාව සඳහා ඉල්ලුම් කරන විදේශිකයන් ඒ සඳහා අනුමත කළ එන්නත්කරණ සහතික ඉදිරිපත් කළ යුතුයි.

සෞදි අරාබිය විසින් සිය රටට ඇතුළු වීම තහනම් කර ඇති රටක අයදුම්කරුවෙකු නම් පූර්ණ එන්නත්කරණය ලැබූව ද සෞදි අරාබියට පැමිණි පසු ආයතනික නිරෝධායනයට ලක් විය යුතු වනවා.

ඉස්ලාම්වරුන්ගේ ජිවිතයේ එක් වරක් හෝ වන්දනා කළ යුතු බව කියන මැකා සහ මදීනා ශුද්ධ භූමි පසුගිය ජුලි මාසයේදී දේශීය වන්දනාකරුවන් සඳහා විවෘත කෙරුණා.

පසුගිය වසර එකහමාරක කාලයක් පුරා එම සිද්ධස්ථාන විදේශිකයන් සඳහා විවෘත වූයේ නැහැ.

Related posts

ත්‍රස්ත ප්‍රහාරයකින් කාන්තාවන් 35 ක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

ඉන්දීය අගමැති නැවතත් ජාතිය අමතයි

Mohamed Dilsad

මුල් දින 100 තුළ අනිවාර්යයෙන් මුව ආවරණ පළඳින ලෙස බයිඩ්න්ගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment