විදෙස්

පූර්ණ එන්නත්කරණය ලැබූ විදේශිකයන්ට හජ් වන්දනාවට වරම

(UTV | සෞදි අරාබිය) – මෙවර හජ් වන්දනා සමයේදී පූර්ණ එන්නත්කරණය ලැබූ විදේශිකයන්ට ද ක්‍රමයෙන් අවසර ලබාදීමට කටයුතු කරන බව සෞදි බලධාරින් ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ නමුත්, අද සිට ආරම්භ වන එම වැඩපිළිවෙල යටතේ එලෙස අවසර ලබා දෙන සංඛ්‍යාව සීමා සහිත වනු ඇති. හජ් වන්දනාව සඳහා ඉල්ලුම් කරන විදේශිකයන් ඒ සඳහා අනුමත කළ එන්නත්කරණ සහතික ඉදිරිපත් කළ යුතුයි.

සෞදි අරාබිය විසින් සිය රටට ඇතුළු වීම තහනම් කර ඇති රටක අයදුම්කරුවෙකු නම් පූර්ණ එන්නත්කරණය ලැබූව ද සෞදි අරාබියට පැමිණි පසු ආයතනික නිරෝධායනයට ලක් විය යුතු වනවා.

ඉස්ලාම්වරුන්ගේ ජිවිතයේ එක් වරක් හෝ වන්දනා කළ යුතු බව කියන මැකා සහ මදීනා ශුද්ධ භූමි පසුගිය ජුලි මාසයේදී දේශීය වන්දනාකරුවන් සඳහා විවෘත කෙරුණා.

පසුගිය වසර එකහමාරක කාලයක් පුරා එම සිද්ධස්ථාන විදේශිකයන් සඳහා විවෘත වූයේ නැහැ.

Related posts

කටාර් රාජ්‍යයට තවදුරටත් සම්බාධක

Mohamed Dilsad

‘ලඩක්’ ඉන්දීය රජය විසින් නව ප්‍රාන්තයක් බවට නම් කරයි

Mohamed Dilsad

නව ප්‍රහාරක ජෙට් යානා 100ක් මිලට ගනී

Mohamed Dilsad

Leave a Comment