ගොසිප්

චීනය, කොළඹ පෞද්ගලික රෝහලක PCR බ්ලැක් ලිස්ට් කරයි

කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකින් සිදුකරනු ලබන පී.සී.ආර් පරීක්ෂණ ප්‍රතිඵල පිළිගතහැකි මට්ටමක නොපවතින බව මෙරට චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කරයි.

එම නිසා ශ්‍රී ලංකාවේ සිට චීනයට ඇතුළුවන පුද්ගලයන්ට පී.සී.ආර්. පරීක්ෂණ සඳහා අනුමත කර ඇති රෝහල් ලැයිස්තුවෙන් එම රෝහල ඉවත් කරන බවත් තානාපති කාර්යාලය පවසයි.

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසන්නේ, පසුගිය වකවානුවේ අදාළ රෝහලින් නිකුත් කරන ලද පීසීආර් පරීක්ෂණ සහ (අයිජීඑම්) ප්‍රතිදේහ පරීක්ෂණ වාර්තා මගින් කොවිඩ් ආසාධිතයන් නොවන බවට තහවුරු කල පුද්ගලයන් රැසක් චීනයට ඇතුළුවීමෙන් අනතුරුව ආසාදිතයන් බවට අනාවරණය වීම චීනයේ මෙම තීරණයට හේතුවී ඇති බවයි.

එම නිසා ගුවන් මගීන්ගේ, ගුවන් සේවකයන්ගේ සහ අදාළ සියලුම පාර්ශ්වවල ආරක්ෂාව වෙනුවෙන් 2021 ජූලි 13 වැනිදා සිට මෙම තීරණය ක්‍රියාත්මක කරන බව චීන තානාපති කාර්යාලය වැඩිදුරත් ප්‍රකාශ කරයි.

Related posts

රට නැවත ලොක්ඩවුන් කරයි?

Mohamed Dilsad

කරාටේ ක්‍රීඩාවේ හපන්කම් දැක්වූ අගමැති [PHOTOS]

Mohamed Dilsad

වසා දැමුණු අටුළුගම රෝගියාගේ පවුලේ දෙදෙනකුටත් කොරෝනා

Mohamed Dilsad

Leave a Comment