ගොසිප්

වසා දැමුණු අටුළුගම රෝගියාගේ පවුලේ දෙදෙනකුටත් කොරෝනා

(UTV |කළුතර) – අටුළුගම මාරාවෙන් හමු වූ කොවිඩ් 19 හෙවත් කොරෝනා ආසාදිත රෝගියාගේ පවුලේ දෙදෙනකුටත් කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තාවේ.

ඔහුගේ පියා සහ සහෝදරියට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වෛද්‍ය පරීක්ෂණ වලින් තහවුරු වී ඇතැයි බණ්ඩාරගම සෞබ්‍ය සේවා ආරංචි මාර්ග පවසයි.

පියා සහ දියණිය එම රෝග ලක්ෂණ හේතුවෙන් අද දින (28) කලුතර නාගොඩ රෝහලට ඇතුලත් කර තිබේ.

මේ වන විට බණ්ඩාරගම සෞබ්‍ය වෛද්‍ය සේවා බල ප්‍රදේශයෙන් කොරෝනා වයිරසය ආසාදිත රෝගින් 7 දෙනෙකු වාර්තාවේ.

ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ සමස්ත රෝගීන් ප්‍රමාණය 17 දෙනෙකි.

Related posts

මහේල සහ මුරලි නැවතත් ක්‍රිකට් ක්‍රීඩාවට

Mohamed Dilsad

අයවැය සාදය ගුටි කෙළියකින් අවසන් වෙයි

Mohamed Dilsad

ලබාගත් ණය වහා ගෙවන්නැයි ඉන්දියාවෙන් දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment