ක්‍රීඩා

ඔලිම්පික් සදහා ශ්‍රි ලංකික ක්‍රිඩක ක්‍රිඩිකාවන් 9 දෙනෙක්

(UTV | කොළඹ) – ටෝකියෝ ඔලිම්පික් උළෙල සදහා ශ්‍රි ලංකාව නියෝජනය කරමින් ක්‍රිඩක ක්‍රිඩිකාවන් 09 දෙනෙකු සහභාගි වන බව ජාතික ඔලිම්පික් කමිටුව නිවේදනය කරයි.

නිලූක කරුණාරත්න බැඩ්මින්ටන් ඉසව්වෙන් ද තෙහානි එගොඩවෙල ඉලක්කයට වෙඩි තැබිමේ ඉසව්වෙන් ද මිල්කා ගිහානි ජිම්නාස්ටික් ඉසව්වෙන් ද මැටිල්ඩා කාල්සන් අශ්වාරෝහක ඉසව්වෙන් ද චාමර ධර්මවර්ධන ජුඩෝ ඉසව්වෙන් ද ඔලිම්පික් ක්‍රිඩා උළෙල නියෝජනය කරති.

මැතිව් අබේසිංහ සහ අනිකා ගාෆුර් පිහිනුම් තරග සදහා සහභාගි වන අතර යුපුන් අබේකෝන් සහ නිමාලි ලියනාරච්චි මලල ක්‍රිඩා ඉසව් නියෝජනය කරති.

ගාමිණි ජයසිංහ මහතා ශ්‍රි ලංකා කණ්ඩායම භාරව කටයුතු කරයි.

Related posts

ක්‍රීඩා ඇමති සුනිල් සහ නියෝජ්‍ය ඇමති සුගත් අතර ගැටුමක්…?

Editor O

තරඟාවලියට පෙර මුදල් නොදුන්නැයි රවී බොපාරා LPL අතහරී

Mohamed Dilsad

තවත් ක්‍රීඩකයින් තිදෙනෙකු ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත් වෙයි

Mohamed Dilsad

Leave a Comment