දේශීය

රිෂාඩ්ගේ පෙත්සම සලකා බැලීමෙන් හතරවන විනිසුරුවරයත් ඉවත් වෙයි

(UTV | කොළඹ) – හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බලන විනිසුරු මඩුල්ලේ තවත් විනිසුරුවරයෙකු අද (05) ඉවත්වී තිබේ.

තමන්ව අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීම නීති විරෝධී යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ඔවුන් එම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර ඇත.

එම පෙත්සම් අද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු මහින්ද සමයවර්ධන මහතා දැනුම් දුන්නේ පුද්ගලික හේතුවක් මත තමා එම පෙත්සම් සලකා බැලීමෙන් ඉවත් වන බවය.

ඒ අනුව මෙම පෙත්සම් විභාගයෙන් ඉවත්වූ හතරවන විනිසුරුවරයා වන්නේ සමයවර්ධන මහතායි.

මීට පෙරද මෙම පෙත්සම් සලකා බැලීම සඳහා කැඳවා තිබූ අවස්ථාවේ විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරුවන්වූ, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා, යසන්ත කෝදාගොඩ, සහ ඒ. එච්. එම්. ඩී. නවාස් යන මහත්වරුන්ද පෙත්සම සලකා බැලීමෙන් ඉවත් විය.

පෙත්සම වැඩිදුර විභාගය ලබන 08 වනදා සිදු කිරීමට නියමිතය.

Related posts

ඔටෝ ඩීසල් මිල රුපියල් 10 කින් අඩුකෙරේ

Mohamed Dilsad

පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස යෝජනාවක් පාර්ලිමේන්තුවට

Editor O

තවත් ප්‍රදේශයක් හුදෙකලා කෙරේ

Mohamed Dilsad

Leave a Comment