දේශීය

රටවල් 6ක සිට දිවයිනට පැමිණෙන අයට පනවා තිබූ තහනම කොන්දේසි මත ඉවත් කෙරේ

(UTV | කොළඹ) – සෞදි අරාබිය ඇතුළු රටවල් 06 ක සංචාරය කර ඇති මගීන්ට ශ්‍රී ලංකාවට ඇතුළුවීම සඳහා පනවා තිබූ තහනම කොන්දේසි කිහිපයකට යටත්ව ඉවත් කර ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා.

සෞදි අරාබියට අමතරව, මෙම තහනම ඉවත් කර ඇති සෙසු රටවල් වන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර්, කුවේට්, ඕමාන් සහ බහරේන් යන රටවල්.

අදාළ රටවල සිට පැමිණෙන අයට ජූලි 14 වනදා දක්වා දිවයිනට ඇතුළු වීම තහනම් කර ඇති බවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය ඊයේ සඳහන් කළේ.

කෙසේ වෙතත්, ඇන්ටිජන් පරීක්ෂණ වාර්තා පිළිනොගන්නා බැවින්, මෙම රටවල සිට මෙරටට පැමිණෙන සියලු ගුවන් මගීන් සතුව ආසාදිතයෙකු නොවන බව තහවුරු කිරීම සදහා පී.සී.ආර්. වාර්තාවක් තිබිය යුතු බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පෙන්වා දෙනවා.

Related posts

ජාත්‍යන්තර කම්කරු දිනය අද යි

Editor O

රාජ්‍ය සේවකයින් ගැන අගමැතිගේ කනස්සල්ල

Mohamed Dilsad

නිරෝධායන නීතියට අවනත නොවූ තවත් 317ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment