දේශීය

එජාපයෙන් පළාත් පාලන නව නියෝජිතයින් දිවුරුම්දීම අද

(UTV | කොළඹ) – සමගි ජන බලවේගයට සහය දැක්වීම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කළ පළාත් පාලන ආයතන නියෝජිතයින් වෙනුවට පත් කල නව නියෝජිතයින් දිවුරුම්දීම අද සිදුකිරීමට නියමිතයි.

අද පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය පැවැත්වෙන බවයි එක්සත් ජාතික පක්ෂය සඳහන් කලේ.

සමගි ජන බළවේගයට සහය දැක්වීම හේතුවෙන් මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා නියෝජනය කරන මන්ත්‍රීවරුන් 69 දෙනෙකු පසුගියදා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කරනු ලැබුවා.

ඔවුන් වෙනුවට නව මන්ත්‍රීවරුන් පිරිසක් අද මෙලෙස දිවුරුම් දීමට නියමිතයි.

Related posts

ස්ථාවර රටක් ගැන පාරම්බාන ආණ්ඩුව, ජනවරම දුවිල්ලක් තත්ත්වයට පත් කරලා. – විපක්ෂ නායක

Editor O

පුංචි ඡන්දයට නාම යෝජනා භාර ගැනීම අදින් ඇරඹෙයි

Mohamed Dilsad

මැතිවරණයට අදාළ සියලු පාර්ශව කොමිසම හමුවට

Mohamed Dilsad

Leave a Comment