දේශීය

එජාපයෙන් පළාත් පාලන නව නියෝජිතයින් දිවුරුම්දීම අද

(UTV | කොළඹ) – සමගි ජන බලවේගයට සහය දැක්වීම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කළ පළාත් පාලන ආයතන නියෝජිතයින් වෙනුවට පත් කල නව නියෝජිතයින් දිවුරුම්දීම අද සිදුකිරීමට නියමිතයි.

අද පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය පැවැත්වෙන බවයි එක්සත් ජාතික පක්ෂය සඳහන් කලේ.

සමගි ජන බළවේගයට සහය දැක්වීම හේතුවෙන් මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා නියෝජනය කරන මන්ත්‍රීවරුන් 69 දෙනෙකු පසුගියදා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කරනු ලැබුවා.

ඔවුන් වෙනුවට නව මන්ත්‍රීවරුන් පිරිසක් අද මෙලෙස දිවුරුම් දීමට නියමිතයි.

Related posts

තවත් ආසාදිතයන් තිදෙනෙකු වාර්තා වෙයි [UPDATE]

Mohamed Dilsad

කොළඹ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි [RELEASE]

Mohamed Dilsad

පාසල් සිසුන්ට ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය පෙළපොත් සකස් කිරීමට විශේෂ කමිටුවක්

Mohamed Dilsad

Leave a Comment