Trending Newsඑසැන පුවත්දේශීය

ස්ථාවර රටක් ගැන පාරම්බාන ආණ්ඩුව, ජනවරම දුවිල්ලක් තත්ත්වයට පත් කරලා. – විපක්ෂ නායක

ස්ථාවර රටක් නිර්මාණය වන බවට පාර්ලිමේන්තුවේ මත පළ වන අවස්ථාවේ ජනතාව වත්මන් රජයට විශාල ජන වරම දුන්නේ තිබුණු අයි එම් එෆ් ගිවිසුම ක්‍රියාත්මක කිරීමට ද කියා ප්‍රශ්න කරන බවත් ණය ප්‍රතිව්‍යුහගතකරණ විශ්ලේෂණයක් හරහා නව අයි එම් එෆ් එකගතාවකට යන ප්‍රකාශය මහපොළොවට සමතලා කර ජනතාව දුන් ජන වරම පයට පෑගෙන දූවිලි තරම් ගණන් නොගන්නා තත්ත්වයකට පත් කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී එසේ ප්‍රකාශ කළේය.

මේ තරම් ජනතාවාදී ජනහිතකාමී පොදුජනතාවාදී ක්‍රියාදාමයක් ක්‍රියාත්මක කරන බව පැවසුවත් වැඩි කළ පොහොර සහනාධාරය තවම ලැබී නොමැති බවත් දළ වශයෙන් තවමත් අඩකට වැඩි ප්‍රමාණයකට මේ සහනාධාරය නොලැබී ඇති බවත් ගොවිතැන් කටයුතු බොහෝ දුරට අවසන් වුවත් තවමත් සහනාධාර ලැබී නැති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

ස්ථාවර රටක් නම් 9000 විදුලි බිල 6000 කිරීම 3000 විදුලි බිල 2000 කිරීම කරන දිනය, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී වැඩකරන ජනතාවගේ අර්ථසාධකයට බලපෑ කළ හිටපු ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය හකුලාගෙන ඔවුන්ට සහන දෙන දිනය දැන ගැනීමට අවශ්‍ය බවත් ජාත්‍යන්තර ස්වෛරී බැදුම්කර හිමියන්ට අප රටේ ආර්ථික වර්ධනය වැඩි වන විට කප්පාදුවන ණය ප්‍රමාණය අඩු කිරීමේ සහනය ඔවුන්ට ලැබුණත් ඒ සහනය දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී වැඩ කරන ජනතාවට නොලැබී ඇති බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පෙන්වා දුන්නේය.පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවීමේ කාලය දීර්ඝ කලාට ප්‍රශ්නයට විසදුම් ලැබී නැහැ.

.

Related posts

අධ්‍යාපනය සහ සෞඛ්‍යය වෙනුවෙන් මුදල් කප්පාදුවක් නෑ- අගමැති කියයි

Mohamed Dilsad

කේරළ ගංජා සමඟ සිව්දෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

President Sirisena and Duterte bilateral discussions today

Mohamed Dilsad

Leave a Comment