දේශීය

බස් සහ දුම්රිය අද සිට විධිමත්ව ධාවනයට

(UTV | කොළඹ) – අද සිට දුම්රිය ගමන්වාර 70 ක් ධාවනයට එක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.

එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණී සෙනෙවිරත්න කියා සිටියේ අද පෙරවරුවේ දුම්රිය ගමන් වාර 35 ක් අත්‍යවශය රාජකාරි සඳහා සේවය පැමිණෙන මගී ජනතාව සඳහා යොදා ඇති බවයි.

එසේම, අද දිනයේදී කලාප සහ දිස්ත්‍රික්ක තුල අත්‍යවශ්‍ය සේවාවල යෙදෙන මගී ජනතාව සඳහා අවශ්‍යතාවය පරිදි බස් රථ යොදවා ඇති බවයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස සඳහන් කළේ.

ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයද සඳහන් කළේ මගී අවශ්‍යතාවය පරිදි පළාත් තුල සීමිත බස් සංඛ්‍යාවක් අද සිට ධාවනයට එක් කිරීමට නියමිත බවයි.

Related posts

තත්ත්වයෙන් බාල කහ නිෂ්පාදනය කළ ස්ථානයක් කොටුකර ගනී

Mohamed Dilsad

නව බද්දකට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

තවත් ආසාදිතයින් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment